Thursday, March 11, 2010
අහිමි ආදරය
මගෙ හුස්ම වැටෙන්නෙ නැ වගේ මට දැනෙනවා අද මගේ පණ මාත් එක්ක තරහ වෙලා මට දුක කියන්නෙ ඉන්නෙ මෙ බ්ලොග් එක විතරයි මම එයාට ගොඩාක් රිද්දනවා ඒ එයාට රිදෙනකොට මට රිදෙන නිසා මට මාව රිද්දගන්න ඔනි නිසා අද මම දැක්කා එයාගෙ ලේ බිංදුවක් වත් නැති මූණ මට බය හිතෙන තරමට ඒ මූණ සුදු පාට වෙලා ඒත් මගෙ පැටියො මට ඔයා නතුව ඉන්න බැ කියලා දැන දැනත් මම ඔයාගෙන් වෙන් වෙන්නෙ හේතු ගොඩාක් නිසා ඔයාගෙ හුස්ම වැටෙන විදිය පවා මට දැනෙනවා රත්තරන් ඒත් ඔයා මගෙන් වෙන කෙනෙක් අරගෙන ඉවරයි ඇයි පැටියො කලින්ම මගේ තුරුලට ආවෙ නැත්තෙ
Subscribe to:
Post Comments (Atom)
හංසි ඇයි බය වෙන්නෙ.. ලියන්නෙ.. අපි කිපදෙනෙක් බලන් ඉන්නෙ... ඉඩ තියන වෙලාවට වචන ටිකක් අහුලලා දෙන්න අපිට..අපි ටික දෙනා බලන් ඉන්නෙ..
ReplyDeleteදිගටම ලියන්න. දුක මේ විදියට අකුරු කරනකොට ටිකක් හරි හිතට සැනසීම ලැබෙනවා.
ReplyDeleteඇත්ත තමයි... දුකක් කා එක්ක හරි බෙදාගන්න පුලුවන් නම් හිතට ලොකු සහනයක් වේවි. ඔයාගේ මේ දුක අපිත් එක්ක බෙදා ගන්න මේ බ්ලොග් එකෙන්..
ReplyDeleteඅපි ඔයත් එක්ක ඉන්නවා....
ගොඩක් හිතන්න එපා හංසි. ඔයා ලියන විදියට ඔයාට හොඳට ලියන්න පුළුවන් කියලා පේනවා... ලියලා දාන්න.
ReplyDeleteඊළඟ post එක එනකං අපි බලන් ඉන්නවා...
-ජය
ඔයා මගෙන් ප්රශ්නයක් අහලා තියනවා... ඔයා ගෙ දැනුම මට්ටම ගැන අවබොදයක් නැති නිසා මම උත්තර කිපයක් ලියන්නම...
ReplyDeleteඔයා කාට හරි කමෙන්ට් කරද්දි
http://www.blogger.com වලට google හරහා ලොග් වෙලා කරන්න... නැත්නම් anonyamouse කෙනෙක් හැටියට කරන්න... ඔය දෙකම කරලත් කමෙන්ට් කරන්න බැරිනම් ඔයගෙ අන්තර්ජාල සම්භන්දතාවයෙ වෙගය මදි ඇති. කිපවරක් උත්සහා කරන්න....
හදවත නැවතුනාට ආත්මය නවතින්නේ නෑ හන්සි...
ReplyDelete/බිඟුවා...!
හන්සි, කෙනෙක්ව අහිමි වෙද්දි, විශ්වාසය බිදෙද්දි, හිතෙ ධෛර්ය නැතිවෙද්දි, ලොකෙම අදුරු වෙද්දි, හදවත වැළපෙද්දි... පපුව හිර වෙද්දි... හිතට දැනෙන දෙ මම විදලා තියනවා.. මම ගොඩාක් එතනදි පරාද උණ කෙනෙක් උනා.. කමක් නැහැ නමුත් එතනින්ම තමයි අපි අළු ගහලා දාලා නැගිටින්න ඔනා...
ReplyDelete